LPL ෂැංග‍්‍රිලා හෝටලයේ කෑම බිල කෝටි 04 පැනලා.. ක‍්‍රිකට් ආයතනයෙන් ගෙවලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 7, 2021

LPL ෂැංග‍්‍රිලා හෝටලයේ කෑම බිල කෝටි 04 පැනලා.. ක‍්‍රිකට් ආයතනයෙන් ගෙවලා

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කෝටි හතරකට වැඩිය හෝටල් බිල්පතක් ක්‍රිකට් ආයතන විසින් ගෙවා දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී ඇමති නාමල් රාජපක්ෂ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙනි.

ආහාර සහ අනෙක් වියදම් සඳහා ෂැංග්‍රිලා හෝටලයට රුපියල් හාර කෝටිය ඉක්මවූ බිලක් ක්‍රිකට් ආයතනය විසින් ගෙවා ඇති බවත් එමෙන්ම ඌව පළාත් සභාවෙන් ද රුපියල් ලක්ෂ පන්සීයකට අධික මුදලක් මෙම තරගාවලිය සඳහා වියදම් කර ඇතැයි තොරතුරු ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

ඇමති නාමල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව ය.

නමුත් තරගාවලියෙන් ලාබයක් මිස පාඩුවක් ලබා නොමැති බවද වගකීමෙන් පවසන්නේ යයිද ඇමැතිවරයා සඳහන් කළේය

No comments:

Post a Comment

Post Bottom Ad