පෙබරවාරියේ කැබිනට් සංශෝධනයක්! පොහොට්ටු ජේෂ්ඨයින් රැසකට අමාත්‍යධූර! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 25, 2023

පෙබරවාරියේ කැබිනට් සංශෝධනයක්! පොහොට්ටු ජේෂ්ඨයින් රැසකට අමාත්‍යධූර!

පෙබරවාරි මස මුල් සතිය තුල කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

එම අරංචි මාර්ග පෙන්වා දෙන්නෙ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජේෂ්ඨයින් රැසකට මේ යටතේ නව කැබිනට් අමාත්‍ය ධුර හිමි වනු ඇති බවයි. 
මිට අමතරව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි වජිර අබේවර්ධන මහතාට සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දුමින්ද දිසානායක මහතාට මෙම නව කැබිනට් තනතුරු හිමි වනු ඇතැයි සදහන්.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම් චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ,එස්.බී දිසානායක,සි.බී රත්නායක යන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජේෂ්ඨ නායකයින්ට මෙම නව අමාත්‍ය ධුර හිමි විමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග පවසනවා.


No comments:

Post a Comment

Post Bottom Ad