ජවිපෙ උපරිම බලය යොදයි! පුංචි ඡන්දෙට ප්‍රබලයින් සටනට එයි! මැති ඇමති වූ අය නගරාධිපති වෙන්න ලෑස්තියි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 22, 2023

ජවිපෙ උපරිම බලය යොදයි! පුංචි ඡන්දෙට ප්‍රබලයින් සටනට එයි! මැති ඇමති වූ අය නගරාධිපති වෙන්න ලෑස්තියි!

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙවර පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් ලෙස තරග වැදීමට නාම යෝජනා භාර දී තිබෙනවා. ඒ අනුව අනුරාධපුර මහ නගර සභාවට වසන්ත සමරසිංහ මහතා, පාණදුර නගර සභාවට නලින්ද ජයතිස්ස මහතා, බදුල්ල මහ නගර සභාවට සමන්ත විද්‍යාරත්න මහතා තරග කිරීමට නියමිතයි. 
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාද මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙයි.

ඔහු මාතර නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරග වැදීමට නාමයෝජනා පත්‍ර සඳහා අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ සිය ප්‍රබලයින් පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් ලෙස යොමු කරමින් සිය උපරිම බලය පෙන්වා පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය සැලසුම සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad