එදා අයියා ඩ්‍රැයිවින් සීට් හිටියේ - එයාගේ මොළේ හෙළවිලා පවා. එයාගෙම රුධිරය එයාටම පෙවිලා - ජැක්සන්ට වෙච්චදේ ගැන මල්ලි කියන කතාව | Jackson Anthony - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 22, 2023

එදා අයියා ඩ්‍රැයිවින් සීට් හිටියේ - එයාගේ මොළේ හෙළවිලා පවා. එයාගෙම රුධිරය එයාටම පෙවිලා - ජැක්සන්ට වෙච්චදේ ගැන මල්ලි කියන කතාව | Jackson Anthony

එදා අයියා ඩ්‍රැයිවින් සීට් හිටියේ
එයාගේ මොළේ හෙළවිලා 
එයාගෙම රුධිරය එයාටම පෙවිලා
ජැක්සන්ට වෙච්චදේ ගැන මල්ලි කියන 

ජැක්සන් ඇන්තනී කියන අතිවිශිෂ්ට නළුවා මේ මොහොතෙත් ඉන්නෙ ගිලන් ඇඳක. ඔහු වෙනුවෙන් ඉක්මණ් සුව පතන, ඔහු සුව වනතුරු ප්‍රාර්ථනා පොදි ගහන පිරිස් බොහෝමයි. ඒ අතරතුර යම් යම් හේතු අරභයා ඔහුට ගරහන පිරිස්ද නැතුවාම නොවේ.

 සමාජ මාධ්‍ය තුළම පමණක් වරින් වර මේ විශිෂ්ටයා මරණයට පත් කළා ඔබත් දකින්න ඇති. මේ තියෙන්නෙ ජැක්සන්ගේ සොහොයුරෙක් ජැක්සන් ගැන කියපු කතාව.

"අයියා සුව වෙමින් ඉන්නේ. ඒ ප්‍රාර්ථනා දිගටම කරගෙන යන්න. පාළොස්වැනිදා මඩු මෑනියන්ගේ මංගල්‍යය. අපි අයියා වෙනුවෙන් මඩු පල්ලි ගියා. අපි එහෙම්ම අනුරාධපුර ගියා. එද්දි ආවා පුත්තලම හරහා. අපි කඩේක නැවත්තුව තේ බොන්න. මුස්ලිම් තරුණ පිරිසක් ළාඟට ඇවිත් අයියා ගැන ඇහුවා.. 
එගෝල්ලො මට කියනවා ඒගොල්ලොන්ගෙ චාරිත්‍ර කරද්දි අයියව මතක් කරනවා කියලා. මෙතන කිසිම ආගම් බේදයක් නෑ..."

"එදා අයියා ඩ්‍රැයිවින් සීට් හිටියේ.. මල්ලි අනිත් සීට් එකේ. අනතුර සිද්ධ වෙනකොට වැඩි ඩැමේජ් උනේ මල්ලිට. එයාගේ මොළේ හෙළවිලා පවා. එයාගෙම රුධිරය එයාටම පෙවිලා. 

අයියාව ට්‍රාන්සර් කළාට මල්ලිව ගේන්නවත් බැරි තත්ත්වයක් තිබ්බෙ. මල්ලි බලනවා අයියා බලන්න එනවා ශූටින් එනවා. හරිම අමුතු කාලයක් ගෙවුණේ."

"බොහොම ස්වල්ප පිරිසක් කරපු කියපු දේවල්වලට මට, ජැක්සන් අයියගේ පවුලේ දරුවන්ට, කුමාරි අක්කට රිදුණා. නමුත් ඒවට මුහුණ දෙන්නත් අයියමයි කියලා දීලා තිබ්බෙ. 

එයා කරපු දේශපාලනය පවා එයාට නොගැළපෙන එකක්. එයා ඒක තේරුම් ගත්තා. එයාව හරියට කියවන කෙනෙක් දන්නවා ඇයි එයා නිහඬ උනේ කියලා..."

No comments:

Post a Comment

Post Bottom Ad