උතුරු නැගෙනහිර ඓතිහාසික පුදබිම් ආශ්‍රිතව ඇති හමුදා කඳවුරු ඉවත් නොකරන්න… මහා නායක හිමිවරු ජනපතිට දන්වති! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 27, 2023

උතුරු නැගෙනහිර ඓතිහාසික පුදබිම් ආශ්‍රිතව ඇති හමුදා කඳවුරු ඉවත් නොකරන්න… මහා නායක හිමිවරු ජනපතිට දන්වති!

ඉතාම සීමිත බෞද්ධ දායක පිරිසක් සිටින උතුරු නැගෙනහිර දෙපළාතේ ඓතිහාසික සිද්ධාස්ථාන යුද්ධය පැවති දශක තුනක කාලයේ සිට මේ දක්වා ආරක්ෂා කරගෙන නඩත්තු කළ ආරක්ෂ අංශ එම පුදබිම් වලින් ඉවත් නොකරන්නැයි ත්‍රෛනිකායික මහා නායක හිමිවරු ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

මෙම වෙහෙර විහාර ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කළ මහා සංඝයා එම ප්‍රදේශවල විශාල මාජ කාර්යයක් කළ බවත්, දුගී දායක පිරිස බොහෝ විට රැකුණේ පන්සලෙන් බවත් පෙන්වා දෙන මහා නායක හිමිවරු එ් සඳහා ඉමත් පිටුබලයක් ලබා දුන්නේ ආරක්ෂක අංශ බව පෙන්වා දෙති.

උතුරු නැගෙනහිර විහාරස්ථාන ආශ්‍රිතව පවතිනා හමුදා කඳවුරු එම ප්‍රදේශයන්හි සුරක්ෂාව උදෙසා එලෙසම පවත්වාගෙන යෑම සුදුසු බවත් උන්වහන්සේලා ජනාධිපතිවරයාට දන්වා ඇත.

උන්වහන්සේලා මහා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය පහත දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad