බුදුන්ට අපහාස කල නතාශා රක්ෂිත බන්ධනාගාරයට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 28, 2023

බුදුන්ට අපහාස කල නතාශා රක්ෂිත බන්ධනාගාරයට!

නටාෂා එදිරිසූරිය නම් කාන්තාව ජුනි මස හත් වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද ඇය දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර තිබේ.

බුදුදහමට අපහාස කරමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ යැයි ඇයට ලැබී ඇති පැමිණිලි රැසක් හේතුවෙන් රටින් පිටවීම වලකමින් නිකුත් කරන ලද වාරණ නියෝගයක් මත ඇය කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගන්නා ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad