රාජ්‍ය ඇමති ඩයනා අණබෙර ගැසූ නෙළුම් කුළුණේ ආයෝජකයා පොල්ලක් තියයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 28, 2023

රාජ්‍ය ඇමති ඩයනා අණබෙර ගැසූ නෙළුම් කුළුණේ ආයෝජකයා පොල්ලක් තියයි…

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ කොළඹ නෙළුම් කුළුණට පැමිණි දැවැන්තම ආයෝජනය ලෙස, පවසමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විශාල ප්‍රසිද්ධියක් ලබා දී හඳුන්වා දුන් සිංගප්පූරු ආයෝජකයා, අදාළ  ආයෝජනය එහි සිදු කර නොමැති බැවින් ඒ සඳහා නව ආයෝජකයෙකු සෙවීමට සිදුව ඇති බව වාර්තා වේ.
නෙළුම් කුළුණෙහි දෙවැනි මහලේ වර්ග අඩි 44000ක් පුරා, කැසිනෝ ඇතූලු විනෝදාස්වාද කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක් ආයෝජනය කරන බව කී සිංගප්පූරුවේ ක්‍රියේට් ඩිසයින් නම් සමාගම අදාළ ගිවිසුමට අනුව කටයුතු කර නැති බවත්, ඔවුන් ප්‍රකාශ කළ පරිදි ඊට අදාළ ආයෝජනයන් සිදු නොකිරීම නිසා මෙලෙස නව ආයෝජකයින් සෙවීමට සිදුව ඇති බවත් වාර්තා වේ.

අදාළ ගිවිසුමෙන් මාස තුනක් ඇතුළත කැසිනෝ සඳහා බලපත්‍රයක් ලබා ගත යුතුව තිබුණ ද, ඔවුන්, එම බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කර නැති අතර ඔවුන්ට තවත් මාසයක සහන කාලයක් ලබා දී තිබුණ ද, එම කටයුතු සිදු කර ගැනීමට අපොහොසත්ව ඇති බැවින් නව ආයෝජකයෙකු සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බව කොළඹ නෙලුම් කුළුණෙහි ප්‍රධාන විධායක නිළධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ   ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට ප්‍රකාශ කර ඇත.

එහිදී මේජර් ජෙනරාල් සමරසිංහ තවදුරටත් සඳහන් කර ඇත්තේ  අදාළ සමාගම සමඟ වසර 10ක කාලයක් සඳහා වසරකට ඩොලර් මි. 1.4ක වාර්ෂික කුලියක් අය කර ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවය. එම ගිවිසුමට අනුව අදාළ සිංගප්පූරු සමාගම ආපසු ගෙවන සය මසක මුදල් තැන්පතුවක් ගෙවිය යුතු වුව ද, එම මුදල ද නියමිත කාලය තුළ ගෙවා නොමැති බව සඳහන් කරයි.
-lankasara

No comments:

Post a Comment

Post Bottom Ad