ජොනී-එස්.එම්. ඇමැතිකම් නැතිව ඉන්නේ හිතේ අමාරුවෙන්! මේ ආණ්ඩුව හැදුවෙ ඒ අය! අද අපේ අය ඉන්නේ ආණ්ඩුවේ පිළිකන්නේ! - ඇමැති සනත් නිශාන්ත පොහොට්ටුවට ඇමැතිකම් ගන්න සටන පටන් ගනී! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 29, 2023

ජොනී-එස්.එම්. ඇමැතිකම් නැතිව ඉන්නේ හිතේ අමාරුවෙන්! මේ ආණ්ඩුව හැදුවෙ ඒ අය! අද අපේ අය ඉන්නේ ආණ්ඩුවේ පිළිකන්නේ! - ඇමැති සනත් නිශාන්ත පොහොට්ටුවට ඇමැතිකම් ගන්න සටන පටන් ගනී! (VIDEO)

පොහොට්ටු පක්ෂයේ ඉදිරි පෙළ නායකයන් දෙදෙනෙකු වන, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරු මේ වන විට සිටින්නේ කළකිරීමෙන් යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි. 
ඊට හේතුව, ඔවුන් ඉල්ලා සිටි අමාත්‍ය ධූර මේ දක්වා ඔවුන්ට ලබා දීමට කටයුතු නොකිරීම යි.
 
තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් බිහි කිරීමට පුරෝගාමී වැඩ කොටසක් ඉටු කළ ඔවුන් දෙදෙනා මේ වන විට එළියෙන් තබා ඇතැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා චෝදනා කරයි.

එවැනි ප්‍රබලයන් දෙදෙනෙකුටත් සලකන්නේ ඒ ආකාරයට නම්, සනත් නිශාන්ත වන තමන්ට ලබා දී තිබෙන රාජ්‍ය අමාත්‍ය දූරය තමන්ට තියා තමන්ගේ බල්ලාටවත් වැඩක් නැති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.


හොරොව්පතාන ආසන බල මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad