සුද්ධෝදනගේ ළමයා ගැන කියූ නතාෂා එදිරිසූරිය කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 29, 2023

සුද්ධෝදනගේ ළමයා ගැන කියූ නතාෂා එදිරිසූරිය කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට (video)

පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබේ. රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය සෙනසුරාදා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පැවති ප්‍රහසන වැඩසටහනකදී අදාළ තරුණිය විසින් බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයන් කිහිපයක් සිදුකර තිබුණි.

එම ප්‍රකාශයන් පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඊට බොහෝ දෙනෙකුගේ විරෝධය එල්ල වීමත් සමග ඇය ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් ද සිදුකර තිබුණි.

කෙසේවෙතත් අදාළ ප්‍රකාශ සිදුකළ තරුණිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ලැබී තිබූ අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම තරුණිය ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් නතාශා එදිරිසූරිය පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ රඳවා තබාගෙන තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad