ගරන ලක ගඩනගලලට කඩවදණ අයට පලස ඇප දම ගන සයනනය නයගයක - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 13, 2023

ගරන ලක ගඩනගලලට කඩවදණ අයට පලස ඇප දම ගන සයනනය නයගයක

කොළඹ නවම් මාවතේ පිහිටි ග්‍රීන් ලංකා ටවර්ස් ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් කඩාවැදී එහි රැඳී සිටි පුද්ගලයින් 23 දෙනෙකු පොලිස් ඇප මත නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් විමර්ශනයක් සිදුකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.ඒ, එම සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල ඊයේ (12) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් 23 දෙනෙකු පොලිසිය විසින් පසුගිය 04 වනදා අළුයම අත් අඩංගුවට ගෙන තිබුණු අතර පසුව ඔවුන්ව පොලිස් ඇප මත මුදාහැර තිබිණි. එසේ ඔවුන්ව පොලිස් ඇප මත මුදාහැරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ කොළඹ මධ්‍යම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියෝග කළේ.

සැකකරුවන් 23 දෙනා ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර ඔවුන් එක් අයකුට රුපියල් ලක්ෂ 5 ශරීර ඇප දෙක බැගින් ලබාගෙන මුදාහැරීමට ද අධිකරණය නියෝග කරන ලදී.

මෙම ගොඩනැගිල්ලේ අයිතිය සම්බන්ධයෙන් නඩුවක් ද පවතින අතර මීට සම්බන්ධ දේශපාලන ප්‍රබලයින් පිරිසක් ගැන ද මාධ්‍ය ඔස්සේ අනාවරණය වී තිබිණි. 
-lankanewsweb

No comments:

Post a Comment

Post Bottom Ad