සපලගන මජ ගන CID යට කට උතතරයක! මක දශපලන පලගනමක පරශන කරමන පස මජ නශශක මධයට කයය - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 13, 2023

සපලගන මජ ගන CID යට කට උතතරයක! මක දශපලන පලගනමක පරශන කරමන පස මජ නශශක මධයට කයය

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රකාශයක් ලබාගෙන තිබේ. 
ඒ අමරසිංහ මහතා,  ඕෂල හේරත් හා නීතීඥ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් විසින් ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ නායක මංජු නිස්සංක මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලකට අනුවය.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් මුලින්ම ඕෂල හේරත් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී තිබිණි.

මේ අතර, මංජු නිශ්ශංකත් ඊයේ  (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබිණි.
 
ඒ ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

“අපි මේ මේ වෙලාවේ ක්‍රියාකාරී දේශපාලනයට ඇවිල්ලා අපේ රටේ පුරවැසියන් ඉල්ලන එක කරන්න අවංකව මේ දේශපාලන සංවිධානය ගොඩනගමින් ඉන්නකොට මේ වෙලාවේ සිද්ධ වෙන්නේ මේ දේශපාලන පලිගැනීමක්.”

මේ අතර එස් එල් ව්ලොග්ස් යූටියුබ් නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරන බවට පැවසෙන අභිෂේකා ප්‍රනාන්දු නමැති කාන්තාවද ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ඊයේ (13) පෙරවරුවේ කැඳවා තිබුණා.

ඇය ඉන් පිටව ගොස් තිබුණේ පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුවයි.




No comments:

Post a Comment

Post Bottom Ad