ඩලස් සජිත් එක් වේ… පුලුල් විපක්ෂ බලවේගයක් හදන්න පොහොට්ටුවේ කණඩායමක් සමගත් සාකච්ඡා… - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 12, 2023

ඩලස් සජිත් එක් වේ… පුලුල් විපක්ෂ බලවේගයක් හදන්න පොහොට්ටුවේ කණඩායමක් සමගත් සාකච්ඡා…

විපක්ෂයේ ප්‍රධාන ධාරාව වන සමගි ජන බලවේගය මුල් කරගත් පුලුල් දේශපාලන ධාරාවක් ගොඩනගා එය මුල්කරගෙන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට ආමන්ත්‍රණය කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.
රටේ විපක්ෂයේ බලවේග එකතු කර පුළුල් සන්ධානයක් හදා මේ ආණඩුව පරාජය කරන බව ඔහු කියයි.කවුරුන් සමග පෑහෙනවා ද, කවුරුන් සමග නොපෑහෙනවා ද නොව, බලවේග වැඩ කරන ආකාරය පමණක් දේශපාලනයේ දී තීරණයවන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තම මන්ත්‍රි කණ්ඩායමේ 13 දෙනෙක් සිටින බවත්, පොහොට්ටුව තුළ යම් කණ්ඩායමක් තමන් සමග සංවාද කරමින් සිටින බවත් මහාචාර්ය චරිත හේරත් පැවසුවේය.

“රනිල් වික්‍රමසිංහ කියන්නේ එක්කෙනයි. රනිල් වික්‍රමසිංහට සාපේක්ෂව අනුපාතය දහතුනට එකයි.  බලවේග වැඩකරන විදිහට තමයි දේශපාලනය තීරණය වෙන්නේ” හෙතෙම වැඩිදුරටත් පවසා තිබිණි.
-mawbima

No comments:

Post a Comment

Post Bottom Ad