මම ඔයාට ඉතිහාසය උගන්වන්න ද? කියා ජනපති ඇසූ පසු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉල්ලා අස් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 12, 2023

මම ඔයාට ඉතිහාසය උගන්වන්න ද? කියා ජනපති ඇසූ පසු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉල්ලා අස් වෙයි

ඓතිහාසික කුරුන්දි රජ මහා විහාරයේ පුරාවිද්‍යාත්මක ගවේෂණයක් සිදුකර වෙන් කළ ඉඩම් අක්කර 279ක ප්‍රමාණයෙන් ඉඩම් අක්කර 79ක්  ඉවත් කිරීම කළ නොහැකි බව කී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගට ජනාධිපතිවරයා දැඩි ලෙස දෝෂාරෝපණය කරන වීඩියෝවක් මේ වනවිට සංසරණය වෙමින් තිබේ.  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගට දැඩිව කියා කියා සිටින්නේ     “ඔයා හදන්නෙ මට ඉතිහාසෙ උගන්නන්නද? නැත්තම් මම ඔයාට උගන්නනවද?” යනුවෙනි.

මහාචාර් අනුර මනතුංග ලංකාවේ කිර්තිමත් පුරාවිද්‍යා විද්වතෙක් මෙන්ම ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳ කැළණි විශ්වවිද්‍යාලයේ දශක දෙකකට ආසන්න කාලයක් සේවය කළ,   එම අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානියා ලෙස වසර ගණනක පර්යේෂණ සහ ක්ෂේත්‍ර අත්දැකීම් ඇති ප්‍රමාණිකයෙකි.    ඔහු ආචාර්ය සෙනත්ර දිසානායකගෙන් පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් වූයේය.

ජනාධිපතිවරයා සහ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ පසුගිය 09 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අතර  මෙම සංවාදය සිදුව තිබේ.

එම පුරාවිද්‍යා භූමිය සඳහා අක්කර 270ක පමණ ඉඩමක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරියා පැවසූ විට එය ( ඓතිහාසික කුරුන්දි රජ  මහා භූමිය) අනුරාධපුර මහා  විහාරයට වඩා විශාලදැයි ජනාධිපතිවරයා විමසා සිටියේය.

“ඇයි අක්කර 275ක් ඕන? ඒක මහාවිහාරයට වඩා ලොකුද? මහා විහාරය, ජේතවනාරාමය සහ තුනම. අභයගිරි අක්කර 100ක් ගන්නේ නැහැ.” ජනපතිවරයා කීවේය.

මේ සිදුවීමෙන් පසු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය අනුර මනතුංග සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad