10 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමඟ ජනපති නිල සංචාරයක් සදහා සිංගප්පුරුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 22, 2019

10 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමඟ ජනපති නිල සංචාරයක් සදහා සිංගප්පුරුවට

10 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමඟ ජනපති නිල සංචාරයක් සදහා සිංගප්පුරුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පස් දින නිල සංචාරයක් සදහා අද (23) දහවල් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය .

ඒ මහතා  සමග දූත පිරිස ලෙස තවත් 10 දෙනෙකු ද එක් වී සිටියහ .

ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් කළාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුවට ද සහභාගී වීමට නියමිතය .

මෙම පිරිස අද (23) දහවල් 11.00 ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය සිල්ක් එයා ගුවන් සේවයේ එම්.අයි.- 427 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .

සිංගප්පුරුවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානය විසින් සංවිධාන කරනු ලබන ආසියා පැසිෆික් කලාපයේ පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුවේ ආරම්භක දේශනය පැවැත්විම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක් විමට නියමිතය.

මෙම සංචාරය අතර වාරයේදි සිංගප්පුරුවේ ජනාධිපති හලීමා යාකොබ් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විමට නියමිත බවත් අගමැති ලී හේසිං ලුංග් අතර හමුවක්ද සිදුවිමට නියමිත බවත් එරට විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

මෙම පිරිස මෙම සංචාරය නිමවා යළිත් 27 වන දින ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය .

(කටුනායක ටී.කේ.ජී.කපිල )

No comments:

Post a Comment

Post Bottom Ad