20 වැනි සංශෝධනය සම්මත කරන්න ජනමත විමසුමක් අවශ්‍ය නෑ... 2/3ක් තිබුනම ඇති - නීතිපති දැනුම් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 2, 2020

20 වැනි සංශෝධනය සම්මත කරන්න ජනමත විමසුමක් අවශ්‍ය නෑ... 2/3ක් තිබුනම ඇති - නීතිපති දැනුම් දෙයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් බහුතරයක එකඟතාවයෙන් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත
සම්මත වීම ප්‍රමාණවත් බවයි නීතිපතිවරයා ලිපියක් මගින් දැනුම් දී තිබෙන්නේ.

කැබිනට් මණ්ඩලය විසින් පත්කළ විශේෂ කමිටුවක් හරහා මෙම කෙටුම්පත සකස් කළ අතර ඉන්පසු එය නීතිපතිවරයාගේ අධීක්ෂණය සඳහා යවා තිබිණි.

මෙම කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමතිය.

No comments:

Post a Comment

Post Bottom Ad