ජනාධිපති ධුරයට පත් වන පුද්ගලයෙකුට පරිපාලනය දේශපාලනය ගැන අත්දැකීම් තිබිය යුතු යයි අද මෙරට බහුතර ජනතාවක් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
මෙරට මිලියන 22ක් වූ ජනතාවගේ ඉරණම තීරණය කරන්නේ ජනාධිපතිවරයා බවත් ප‍්‍රාදේශීය සභාවක් හෝ පාලනය කර නැති පුද්ගලයෙකු මෙරට ජනාධිපති කරන්නට ජනතාව සූදානම් නැතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටී. එවන් අවදානම් නොගත යුතු යයි ජනතාව අත්දැකීමෙන් ඉගෙනගෙන ඇති බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් කියයි.
දේශපාලනයෙන් තොර නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයෙක් ජනාධිපති ආපේක්‍ෂක ලෙස ගෙන එන්නේ යයි එක්සත් ජාතික පක්‍ෂය විසින් දරන උත්සාහය ගැන මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මෙම අදහස් පල කලේය.
මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය සදහා චමල් රාජපක්‍ෂ, ගෝටාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, දිනේෂ් ගුණවර්ධන හා වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නම් යෝජනා වී ඇති බවත් ඉන් වඩාත්ම සුදුසුම කවුදැයි මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තීරණය කරනු ඇතැයිද ඔහු සදහන් කලේය.
Tuesday, January 22, 2019

ප‍්‍රාදේශීය සභාවක්වත් පාලනය නොකල අයෙකු රටේ ජනාධිපතිකමට පත් නොකල යුතුයි..
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment