Loading...
මහා සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ පුතුන් දෙදෙනාම ගීත ගායනා කළ ද පියාගේ තත්ත්වයට ඒමට ඔවුන්ට නොහැකි වූ බවත් ගාමිණී ෆොන්සේකා ගේ පුත්‍රයා ද රඟපෑමට එක් වුවද පියා මෙන් මහා නංවා ගැනීමට ඔහුට හැකියාවක් නොලැබුණු බවත් ඇමති චම්පික රණවක පවසයි.
එම ක්‍ෂෙත‍්‍රයන්හි මේ වන විට ඇති තරගකාරීත්වය හේතුවෙන් පුත්‍රයන්ට එම තත්ත්වයට ඒමට නොහැකි වූ බවද ඔහු පැවසීය.
අර්ජුන රණතුංග මහතාගේ පුත‍්‍රයා ක‍්‍රිකට් ක්‍රීඩා කලද ඔහුගේ පුත්‍රයාට පියා කල දේ කිරීමට නොහැකි වූ බවත් ඊට හේතුව ක්‍රීඩා අංශයේ ඇති තරඟකාරීත්වය බවත් රණමක මහතා සඳහන් කළේය.
නමුත් මෙම තත්ත්වය දේශපාලනව තුල තිබෙන බවත් එම තත්ත්වය ඉදිරියේ දී විසඳාගන්නා බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය ඇමති සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් සිදුකළ බවට සමාජ ජාලයන්හි ප්‍රතිචාර පළ වෙමින් ඇත.
-lankacnews
No comments:
Post a Comment