දැනට කඩින් කඩ පවතින වර්ෂා තත්වයත් සමග ඩෙංගු රෝගීන් වැඩි විමේ අවධානමක් ඇතිවිය හැක. තවද පරිසරය තුල මදුරුවන් බෝවියහැකි ජලය රැදුනු ස්ථාන සුලබව ඇතිවිය හැකි බැවින් ඩෙංගු මදුරුවන් බෝ විමේ අවධානම ඉහල යා හැක.
මෙම තත්වය අවම කර ඩෙංගු වසංගත තත්වයක් ඇති වීම වැලැක්වීමේ අරමුණින් ඩෙංගු මර්ධන විශේෂ ක්‍ෂෙස්ත්‍ර වැඩසටහනක් අද (14) හා හෙට (15) යන දිනයන් හිදි පැවැත්වීමට කටයුතු සලසා ඇත.
මෙය කොළඹ, ගම්පහ, කළුතර හා යාපනය යන දිස්ත්‍රික්කවල හදුනාගත් වැඩි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශ වල ජනාධිපති කාර්යසාධක බලකාය හා ඩෙංගු මර්ධන ඒකකය ඒකාබද්ධව ක්‍රියාත්මක කරයි.
මෙහිදී නිවාස, පාසල් , වැඩිබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන පොදු ස්ථාන ඇතුළු සමස්ථ පරිශ්‍ර නිරීක්‍ෂණයට ලක් කරන අතර මදුරැවන් බෝවන හෝ බෝ විය හැකි ස්ථාන හදුනාගත්විට ප්‍රජාව සමග ඒකාබද්ධව ඔවුන්ගේ සහභාගිත්වයෙන් එම ස්ථාන ඉවත් කිරීමට හෝ සුදුසු ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරයි.
මෙම විශේෂ ක්‍ෂෙස්ත්‍ර වැඩසටහන සදහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයින්ගෙන් සමන්විත කණ්ඩායම් 650 ක් පමණ එක්දිනකට සිය දායකත්වය ලබා දෙයි.
ප්‍රජාව හා බලධාරීන් නිරතුරුවම අවධානයෙන් සිටිමින් තම පරිශ්‍රයන්හි මදුරුවන් බෝවිය හැකි ස්ථාන හදුනාගෙන ඒවා ඉවත් කිරිමට හෝ එසේ කළ නොහැකි අවස්ථාවන්හිදී මදුරැවන් බෝ නොවන ලෙස පවත්වා ගැනිම කළ යුතුය. ඒ සදහා අවශ්‍ය තාක්‍ෂනික කරැණු හා සෞඛ්‍ය තොරතුරු ප්‍රෙද්ශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකයන්ගෙන් හෝ වැඩි විස්තර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන්ගෙන් ලබා ගත හැක.
No comments:
Post a Comment