Loading...
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ මෙහෙයවීම යටතේ ඊයේ සිදු කළ මෙහෙයුම්වලදී එම සැකකරු සහ වාහන අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයාගේ හෙරොයින් ජාවාරමේ මුදල් කළමනාකරු ලෙස කටයුතු කළ අස්වර් නමැති අපරාධකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාවත්ත ප‍්‍රදේශයේදී ය.
අස්වර් නමැත්තා තම සුඛෝපභෝගී මෝටර් රථයෙන් යමින් සිටියදී මාලිගාවත්ත ප‍්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගත් අතර වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය වෙත භාර දී ඇත.
අස්වර් නමැත්තා රුපියල් කෝටි ගණනක් වැයකර මාලිගාවත්තේ මහල් පහකින් යුත් ගොඩනැඟිල්ලක් ඉදිකරන අතර එළඹෙන සතියේදී එම ගොඩනැඟිල්ල විවෘත කිරීමට ද නියමිතව තිබූ බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
මේ අතර මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් අති සුඛෝපභෝගී ප‍්‍රාඩෝ ජීප් රථයක් සහ කේ. ඞී. එච්. වර්ගයේ වෑන් රථයක් සපුගස්කන්ද ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබියදී ඊයේ සවස අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම වාහන දෙක මධුෂ්ගේ අනියම් බිරිඳගේ නමට ලියාපදිංචි කර තිබූ ඒවා බව විමර්ශනවලින් හෙළි වී ඇත.
හේමන්ත රන්දුණු
divaina

No comments:
Post a Comment