පොලිස් නිලධාරියාට පහරදීමේ සිද්ධිය : මන්ත්‍රී චමින්ද විජේසිරි ඉන්න තැනක් දන්නේ නැහැ - පොලිසිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 12, 2019

පොලිස් නිලධාරියාට පහරදීමේ සිද්ධිය : මන්ත්‍රී චමින්ද විජේසිරි ඉන්න තැනක් දන්නේ නැහැ - පොලිසිය

පොලිස් නිලධාරියාට පහරදීමේ සිද්ධිය : මන්ත්‍රී චමින්ද විජේසිරි ඉන්න තැනක් දන්නේ නැහැ - පොලිසිය

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියාට පහරදුන් බවට චෝදනා එල්ලව ඇති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිටිනා තැනක් නොදන්නා බව බණ්ඩාරවෙල පොලිසිය සදහන් කරයි.

පොලිසිය පැවසුවේ මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා ද ප්‍රදේශය හැරගොස් ඇති බවය.

සිද්ධිය සිදු වන අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ රථයේ යතුර ද පැහැරගෙන පසුව ලබාදී ඇති බව අප වාර්තාකරු සදහන් කළේය.

පසුගියදා මෙම සිද්ධිය ඇතිවුයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ වාහන එකිනෙක පසු කිරීමේදී ඇතිවූ බහින්බස් විමක්ය.

සිද්ධියෙන් පසු දෙපාර්ශ්වයේම රියදුරන් රෝහල් ගත වූ අතර ඉන් මන්ත්‍රීවරයාගේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර කියවීමට

පොලිස් නිලධාරියාට පහරදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්දව අත්අඩංගුවට ගන්න කථානායකගෙන් අවසර

No comments:

Post a Comment

Post Bottom Ad