මත්ද්‍රව්‍ය සමග ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු මාකඳුරේ මධූෂ් ඇතුළු සැකකරුවන් තිස් එක් දෙනා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට සහාය දීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබෙනවා.
මේ වන විට එම සැකකරුවන් ඩුබායිහි සිරමැදිරියක රඳවා තිබේ.
මාකඳුරේ මධූෂ් ගායක අමල් පෙරේරා ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් වන අධිකරණ කටයුතු මෙතෙක් ආරම්භ වී නොමැත.
සැකකරුවන්ගෙන් ලබාගත් රුධිර සාම්පල මේවන විට පරීක්ෂා කරමින් තිබෙන අතර ඒ සම්බන්ධ විමර්ශන වලට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා සහාය දීමට නියමිතයි.
No comments:
Post a Comment