රත්ගම ඝාතනය : පොලිසියෙන් මංජුලගේ පියාගේ දුරකථන අංකය අරන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 24, 2019

රත්ගම ඝාතනය : පොලිසියෙන් මංජුලගේ පියාගේ දුරකථන අංකය අරන්

රත්ගම ඝාතනය : පොලිසියෙන් මංජුලගේ පියාගේ දුරකථන අංකය අරන්

දකුණු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු මංජුල අසේල නම් ව්‍යාපාරික තරුණයාගේ නිවසට පසුගිය 22 වනදා පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔහුගේ පියාගේ දුරකථන අංකය ඉල්ලාගෙන ගිය බව එම තරුණයාගේ මව පවසයි.

පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු එසේ යතුරු පැදියකින් ඔවුන්ගේ නිවසට පැමිණෙන ආකාරය අසල නිවසක CCTV කැමරාවල ද සටහන්ව තිබේ.

මෙම ඝාතන සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් පසුගිය 23 වනදා ප්‍රදේශවාසීන් ගාලු පාර වසා උද්ඝෝෂණය කරන අතරේ ලැබුණු දුරකථන ඇමතුමකින් කියවුණේ මංජුල අසේල සහ රෂේන් චින්තක නම් මෙම ව්‍යපාරික තරුණයින් දෙදෙනා ජීවතුන් අතර සිටින බවත් ඔවුන් නිදහස් කිරීමට නම් රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලක් අවශ්‍ය බවත්ය. කෙසේවෙතත් ඊට පෙර දිනම මෙම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ මළ සිරුරු පිළිස්සූ ස්ථානයෙන් ඔවුන්ගේ සිරුරු කොටස් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබිණි.

ඒ අනුව මෙම දුරකථන ඇමතුම ජනතා උද්ඝෝෂණය වැළැක්වීමේ අරමුණින් ලබාදුන් එකක් බවට සැක පහළ වේ. එසේම කප්පම්කරුවන් සාමාන්‍යයෙන් සිදු නොකරන ආකාරයෙන් එකී ඇමතුම්කරු පවසා තිබුණේ කප්පම් මුදල බැංකු ගිණුමක තැන්පත් කරන ලෙසය. එහෙයින් එම මෙම ඇමතුම කප්පම් ගැනීමේ අරමුණින් නොව ඥාතීන් නොමඟ යැවීමේ අරමුණින් ලබාදුන් එකක් බව පෙනේ.

මේ අතර තවමත් මෙම ඝාතන සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පමණි. ව්‍යාපාරික තරුණයින් පැහැරගෙන යාම සඳහා පොලිස් නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයින් 13 දෙනෙකු සහභාගී වී තිබුණු අතර ඔවුන්ගෙන් පොලිස් නිලධාරීන් 07 දෙනෙකු නිශ්චිතව හඳුනාගෙන ඇති බව ද වාර්තා වී තිබිණි. පොලිස් නිලධාරීන් හතර දෙනෙකු දැනට පළාගොස් සැඟව සිටින බවත් ඔවුන් සොයා විමර්ශන සිදු කෙරෙන බවත් පොලිසිය ප්‍රකාශ කළ ද තම දෙපාර්තමේන්තුවේ සගයින් වන අපරාධකරුවන් බේරා ගැනීම සඳහා පොලිසිය ක්‍රියාත්මක වන බවට දැඩි චෝදනාවක් ජනතාව අතරින් ඉදිරිපත්ව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad