තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යවලින් බේරාගැනීමට නම් ඒ සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ ද ඉතා ප්‍රවේශම් සහිතව සිදුකරන ලෙස තමා ඉල්ලීමක් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්‍ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ඊයේ(24) දිනයේ දී විශාලම හෙරොයින් තොගය ඇල්ලූ බවත්, ඒවා ඇල්ලුවේ නැතිනම් ගම්වලට පවා පැමිණිමේ හැකියාවක් ඇතැයි ද හම්බන්තොට පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයාකියා සිටියේය.
ජනාධිපතිවරයා විසින් නිවැරදි නායකත්වයක් මේ සම්බන්ධයෙන් ගෙන ඇති බවත් මෙතෙක් කලක් පොලීසිය භාරව සිටි කිසිදු අමාත්‍යවරයෙකුට කළ නොහැකි වු දෙය අද ජනාධිපතිවරයා ඉටු කර ඇති බවත් අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටි අතර කිසිදු බලපෑමකින් තොරව මත්ද්‍රව්‍ය පාලනයට අවසරය ලබා දී ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා අද වන විට විවිධ කථා මවන අය සිටින බවත් කුඩු මර්දනය කරමින් යන අතරේ එය නැවත ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ඇතැම් අය සිටින බවත් සඳහන් කළේය.
No comments:
Post a Comment