පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට අමාත්‍ය රංජන් රාමනායක මහතා ප්‍රකාශ කළත් නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සඳහා රුධිර පරීක්ෂණයක් සිදුකරවා ගැනීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
කෙසේවෙතත් දකුණු පළාත නියෝජනය කරන තරබාරු මන්ත්‍රීවරයකු කොකේන් භාවිතා කරන බවට රංජන් රාමනායක මහතා ඊයේ (24) චෝදනා කර තිබිණි.
රංජන් රාමනායක මහතා විකට චරිතයක් රඟපාන අතරම තමන්ගේත් රුධිරය ලබා ගැනීමට උත්සාහ දරණ බවටයි මුතුහෙට්ටිගම මහතා චෝදනා කළේය.
"ලේ හොල්ලන්නෙත් නෑ. හොල්ලන්න දෙන්නෙත් නෑ. රංජන් රාමනායක වගේ ජෝකර්ලාට අපි යටවෙන්නෙත් නෑ. රංජන් රාමනායක කිව්වට ගිහිල්ලා, මෙන්න අත කියලා දික් කරලා ඕකෙන් ලේ දෙන්න තරම් මොට්ටයෝ නෙවෙයි අපි" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.
No comments:
Post a Comment