මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා යන දෙදෙනා සමඟ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වුයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් ජාත්‍යන්තර පොලීසිය හරහා පැවැත්වීමට කටයුතු කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සදහන් කළේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේදී කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ බව සදහන් කර තිබේ.
මේ වන විට ලැබෙනමින් පවතින තොරතුරු වලට අනුව අදාලව ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය කටයුතු ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීමෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේය.
2016 වසරේදී ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ හිටපු නියෝජ පොලිස්පතිවරයා සමඟ දැඩි සබඳතාවක් තිබී ඇතැයි ද කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වා සිටියහ්.
ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් වරයා ඝාතන කුමන්ත්‍රණ සැලසුමට අදාල නඩුව අද කැඳවු අවස්ථාවේදී මෙම කරුණු අධිකරණයට වාර්තා කළේය.
No comments:
Post a Comment