මන්නාරම සමූහ මිනිවල තුළින් හමුවූ සිරුරුවල කාලනිර්නය පිළිබඳවූ කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව අද (14) ලැබෙනු ඇතිය බලාපොරොත්තුවෙන් සිටින බවට සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් සිදු කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා පැවසූවේ සමූහ මිනිවල සම්බන්ධයෙන් 144 වන දිනට ඊයේ (13) පරීක්ෂණ පවත්වන අතර, මිනිවළ තුළින් මිනිස් සිරුරු 315 ක අස්ථි කොටස් මතුකර ගැනීමට හැකිවි ඇති අතර, අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 307 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන මන්නාරම් අධිකරණයේ තැන්පත් කොට ඇති අතරම එම සිසුරු අතර ළමුන් 26 දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතින බවයි.
සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කළ සාම්පල් හයක් ජනවාරි 23 වැනිදා ෆ්ලෝරිඩාවේ කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත ලබාදුන් අතර, අදාළ පරීක්ෂණ වාර්තාව අද (14) වන විට ලැබීමට නියමිත බවද රාජපක්ෂ මහතා පැවසීය.
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසුවේ අදාළ කාබන් පරීක්ෂණ දත්ත පිළිබඳ වාර්තාව තමන් වෙත හා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලිඛිතව යොමු කරන ලෙසට අදාළ රසායනාගාර දැනුවත් කොට ඇති බවටයි.
මන්නාරම මහේස්ත්‍රාවරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්, පුරාවිද්‍යාව පිළිබද විශේෂඥ කැළණිය විශ්වවිද්‍යාල ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, අතුරුදහන්වූවන් පිළිබද කාර්යාලයේ නියෝජිතයින්, රාජයේ රස පරීක්ෂක නිළධාරීන්, මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්, රජයේ නීතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපස අදාළ කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත අස්ථි කොටස් සාම්පල ලබා ගැණින.
මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
No comments:
Post a Comment