රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර පුළුස්සා දමලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 22, 2019

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර පුළුස්සා දමලා

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර පුළුස්සා දමලා

රත්ගම ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක් වූ ව්‍යාපාරිකයින් දෙදෙනා අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී ඝාතනය කර ඔවුන්ගේ සිරුරු වලස්මුල්ල, මැද ගංගොඩ ප්‍රදේශයේ රක්ෂිතයකදී පුළුස්සා ඇති බව හෙළිව තිබේ.

ව්‍යාපාරිකයන් දෙදෙනාගේ යැයි සැකකරන පිළිස්සුණු අස්ථි කොටස් සහ දත් කිහිපයක් වලස්මුල්ල කණුමුල්දෙණිය රක්ෂිතයේ තිබී සොයාගෙන ඇති අතර වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා අද (22) එම ස්ථානය පරීක්ෂාවට ලක් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය වූ කරුණු අනුව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වලස්මුල්ල හැවැන්දෙණිය ප්‍රදේශයේ කණුමුල්දෙණිය රක්ෂිතයේ සිදී ගිය ඇළ මාර්ගයක තිබී මෙම පිළිස්සුණු අස්ථි සහ දත් කොටස් සොයාගෙන ඇත.

ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් තිබුණේ ඉකුත් ජනවාරි මස 23 වැනිදාය. මෙම ව්‍යාපාරිකයන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් නොපැවැත්වීම නිසා මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබිණි

No comments:

Post a Comment

Post Bottom Ad