කොකේන් බොන මන්ත්‍රීන්ගේ නම් මට ලැබී නැත -කතානායක කරූ ජයසූරිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 21, 2019

කොකේන් බොන මන්ත්‍රීන්ගේ නම් මට ලැබී නැත -කතානායක කරූ ජයසූරිය

නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිත කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව. රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින්  මේ දක්වාත් තමාට ලිඛිතව බාරදී නොමැති බව කථානායක කරූ ජයසුරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව අද(21)
පෙරවරු 10.30 ට රැස්වූ අතර කටයුතු ආරම්භයේදී සිය නිවේදන ප්‍රකාශ කරමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුව තුළ කොකේන් ඇතුළු නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන් සිටින බවට රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරිමට ඊයේ රැස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම කමිටුවක් ද පත් කරනු ලැබුවේය.

විමර්ශනයට අදාළව හෙට(22) පෙරවරු 09.30ට එම කමිටුව හමුවේ පෙනී සිටින ලෙස රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම්දීමක් සිදු කර ඇති බව ද සඳහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad