ලංකාවේ හමුදාවලත් නැති අලුත්ම ගිනි අවි තොගයක් එවන්න මධූෂ් සැලසුම් කරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 21, 2019

ලංකාවේ හමුදාවලත් නැති අලුත්ම ගිනි අවි තොගයක් එවන්න මධූෂ් සැලසුම් කරලා



මෙරට ආරක්ෂක අංශ පවා භාවිත නොකරන අති නවීන වර්ගයේ ගිනි අවි තොගයක් මෙරටට එවීමේ මාකදුරේ මධුෂ්ගේ සැලැසුමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙක්  ඊයේ (20) පැවසිය.

පොලිස් විශේෂ කාර්ය බළකාය
සහ නාවික හමුදාව භාවිත කරන එම්-16 වර්ගයේ ගිනි අවියට වඩා වැඩිදියුණු කළ එම් - 39 වර්ගයේ මැෂින් තුවක්කු තොගයක් මෙරටට එවීමට මාකදුරේ මධූෂ් සැලසුම්කර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට අත්අඩංගුවේ පසුවන ඔහුගේ සමීපතම ගෝලයකු විසින් හෙළිකරනු ලැබ ඇති බවත් එම නිලධාරියා කිය.

මෙම මහාපරිමාණ අවි ජාවාරම මගින් මෙරටේ විශාල  ව්‍යසනයක් සිදුකිරීමට මාකදුරේ මධුෂ් බලාපොරොන්දු වූ බව පෙනී යන බවත් ඔහු මෙම ගිනිඅවි තොගය පුද්ගලයන් පස්දෙනකු මාර්ගයෙන් මෙරටට එවීමට සැලසුම් කර තිබූ බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවත් ඔහු කීය.

එම්. 39 මැෂින් තුවක්කුව ඇමරිකාවේ නිෂ්පාදනයක් වන අතර එය යුද මෙහෙයුම් සහ විශේෂ මෙහෙයුම් සඳහා පමණක් භාවිත කරන බව ආරංචි මාර්ගවලින් පැවසේ.

නිමත්ති රණසිංහ

No comments:

Post a Comment

Post Bottom Ad