පොලිස් නිලධාරියාට පහරදීමේ සිද්ධිය : එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 13, 2019

පොලිස් නිලධාරියාට පහරදීමේ සිද්ධිය : එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරියාට පහරදීමේ සිද්ධිය : එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට ඇප නියම වී තිබේ.

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ සිය නීතිඥවරුන් සමඟ මන්ත්‍රීරයා සහ ආරක්ෂක නිලධාරියා අධිකරණයට ඉදිරිපත් වු බවය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02 ක් සහ රුපියල් දස දහසක මුදල් ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එමෙන්ම සෑම ඉරිදා දිනකම සැකකරුවන්ට බණ්ඩාරවෙල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad