පිටකොටුව පස්වන හරස් වීදියේ වෙළඳාමේ නිරත පදික වෙළඳුන්ගේ වෙළඳසැල් කඩා ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණයකර තිබේ.
ඒ කොළඹ මහ නගර සභාවට ගෙවීමට නියමිත බදු මුදල් නොගෙවීම හේතුවෙන්ය.
කොළඹ පිටකොටුවේ 5 වන හරස් වීදියේ පිහිටා තිබෙන පදික වෙළඳසැල් මෙලෙස ඉවත් කිරීමට තීරණය කර තිබුණි.
ඒ කොළඹ මහ නගර සභාවට ගෙවීමට නියමිතව තිබූ බදු මුදල් නියමිත දිනට ගෙවා නිම නොකිරීම හේතුවෙන්ය.
ඊයේ රාත්‍රී 10 ට පමණ මෙම වෙළෙඳසැල් කඩා ඉවත් කිරීමට එම ස්ථානය වෙත කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ගෙන් පදික වෙළෙඳුන් ඉල්ලා සිටියේ හිඟ බදු මුදල් ගෙවා නිම කිරීම සඳහා අද උදෑසන 10 දක්වා තමන්ට කාලය ලබා දෙන ලෙසයි.
ඒ අනුව හිඟ බදු මුදල් ගෙවා නිම කිරීම සඳහා ලබා දුන් කාලය අද උදෑසන 10 දක්වා දීර්ඝ කෙරුණි.
No comments:
Post a Comment