යාපනය විශ්වවිද්‍යාලයේ කොටි ස්මාරකයක් හැදුවේ එල්.ටී.ටී.ඊ.මහවිරු උළෙල විශ්වවිද්‍යාලයේම තියන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 13, 2019

යාපනය විශ්වවිද්‍යාලයේ කොටි ස්මාරකයක් හැදුවේ එල්.ටී.ටී.ඊ.මහවිරු උළෙල විශ්වවිද්‍යාලයේම තියන්න

යාපනය විශ්වවිද්‍යාලයේ කොටි ස්මාරකයක් හැදුවේ එල්.ටී.ටී.ඊ.මහවිරු උළෙල විශ්වවිද්‍යාලයේම තියන්න

යාපනය විශ්ව විද්‍යාලය තුළ කොටි ස්මාරකයක් තනන ලද්දේ මින් ඉදිරියට එල්.ටී.ටී.ඊ.මහවිරු උළෙල යාපනය විශ්ව විද්‍යාලය තුළම පැවැත්වීමට යැයි යාපනය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයක නියෝජිතයෙකු පැවසීය.

මැයි මස 19 වෙනිදා යුද්ධයේදී මියගිය පිරිස සැමරීම පිණිස මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයට යාමේදීත්  නොවැම්බර් 27 වෙනිදා මහවිරු දිනය සැමරීමට වෙනත් ස්ථාන වලට යාමේදීත් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ට සිදුවන අපහසුතා අවම කරගැනීම සදහා මේ තීරණය ගෙන කොටි ස්මාරකය තැනූ බව ඔහු කියා සිටියේය.

පසුගිය වසරක යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සදහා යාපනය විශ්ව විද්‍යාලය මගින් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කල් පළාතේඋත්සවයක් සංවිධානය කළ බව කී එම ශිෂ්‍ය සංගම් නියෝජිතයා එම උළෙල සදහා විශ්ව විද්‍යාල සිසුන් විසින් එකතු කරණ ලද මුදල් පවා යාපනයේ දෙමළ දේශපාලානඥයින් විසින් වංචා කළ බව පැවසීය.

එම උත්සවය සදහාම නැගෙනහිර විශ්ව විද්‍යාල වල සිසුන් විසින් එකතු කොට යාපනය විශ්ව විද්‍යාලයට එවන ලද මුදලට සිදු වූයේද එම දේම යැයි පැවසූ ශිෂ්‍ය සංගම් නියෝජිතයා මින් ඉදිරියට දේශපාලනඥයින්ගෙන් මිදී විශ්ව විද්‍යාල සිසුන්ට එම උත්සව සැමරීමට අවශ්‍ය පරිසරය සකස් කොට දීම සදහා මෙම ස්මාරකය තැනූ බවද කියා සිටියේය.

උතුරේ දෙමළ දේශපාලනඥයින් විසින් එම මහවිරු උළෙලවල් සැමරීම සදහා යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් යොදාගනු ලැබූවත් ඔවුන්ට කරදරයක් සිදු වූ අවස්ථා වලදී ඉන් ගලවා ගන්නට එම දේශපාලනඥයින් මැදිහත් නොවන බව කී එම නියෝජිතයාවිශ්ව විද්‍යාලය තුළම එම උත්සව පවත්වන විට බාහිර බලපෑම් කිසිවක් නොවන බවද කියා සිටියේය.

ස්මාරකය කවර අරමුණාකින් නිර්මාණය කළත් රජයට හෝ ආරක්ෂක අංශවලට මෙම ස්මාරකයට විරුද්ධවීමට තරම්  එහි කිසිදු සංකේතයක් හෝ අඩංගු කොට නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

(දිනසේන රතුගමගේ)

No comments:

Post a Comment

Post Bottom Ad