කෝච්චියට ගැහැණු පෙට්ටියක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 21, 2019

කෝච්චියට ගැහැණු පෙට්ටියක් !

කාන්තාවන් සඳහා පමණක් වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ලබන මාර්තු 08 වැනිදා යෙදෙන ලෝක කාන්තා දිනය දා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පළමු අදියරේදී කාර්යාලයීය දුම්රිය 06ක කාන්තාවන් සඳහා පමණක් මැදිරි වෙන් කිරීමට නියමිත බවද පැවසේ.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ සමුද්‍රදේවී, සාගරිකා ඇතුළු කාර්යාලීය දුම්රිය 06 මේ සඳහා තෝරා ගෙන ඇති බව ය.

මීට පෙර ද කාන්තාවන් සඳහා වෙන් වූ දුම්රිය මැදිරි ක්‍රියාත්මක වුවද විවිධ ගැටලු හේතුවෙන් එය වසර කිහිපයකට පෙර නවතා දැමිණි.

No comments:

Post a Comment

Post Bottom Ad