මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ රජයේ ක්‍රියාන්විතයේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගය වන විට රටටත්, ජනතාවටත් අත්විඳීමට හැකිවනු ඇති බව ජනාධිපතිවරයා පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය වෙනුවෙන් රජය ආරම්භ කර තිඛෙන පුළුල් සහ ශක්තිමත් වැඩපිළිවෙළ ඊට හේතු වී ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (21) පෙරවරුවේ හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ පැවති ග්‍රාමශක්ති දකුණු පළාත් මෙහෙයුම් කමිටුව අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති වැඩිදුරටත් සඳහන් කළේ දිළිදුකමින් පීඩාවිදින ජනතාව ඉන් මුදාගෙන ඔවුන්ගේ නිෂ්පාදන ආර්ථීකය ඉහළනැංවීම ග්‍රාමශක්ති වැඩපිළිවෙළේ අරමුණ බවයි.
මත් උවදුර පාලනය ඇතුළු ජනතාව දිළිදුකමට ඇද දමන සියලූ තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරමින් ශක්තිමත් ආර්ථීකයක් සහිතව ස්වශක්තියෙන් නැගී සිටින ජාතියක් ගොඩනැගීමට ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මඟින් මේ වන විට පුළුල් වැඩකොටසක් ඉටුවෙමින් තිඛෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ග්‍රාමීය දිළිදු ජනතාව මහත් පීඩාවකට ලක් කර ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලූව පිළිබඳව ද ඉදිරියේ දී රජයේ මැදිහත්වීම සිදුකරන බව ජනාධිපතිවරයා කියා සිටියේ ය.
ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ විශේෂ සතියක් ද ප්‍රකාශයට පත් කොට එම වැඩසටහන් වේගවත් කිරීමට මේ වන විට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.
ග්‍රාමශක්ති වැඩසටහන මෙම වසරේ දකුණු පළාත තුළ ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 428 කි.
එකළොස් ලක්ෂ දහතුන් දහස් තුන්සිය හතළිස් පහක(11,13,345) ජනතාවක් ජීවත්වන ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට දරිද්‍රතා දර්ශකය සියයට 2.9කි.
අට ලක්ෂ පනස් එක් දහස් තුන්සිය තිස් හතක් (8,51,337) ජීවත්වන මාතර දිස්ත්‍රික්කයේ දරිද්‍රතා දර්ශකය සියයට 4.4 ක් වන අතර හයලක්ෂ හතළිස් හයදහස් හාරසිය අනු තුනක් ජීවත්වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරිද්‍රතා දර්ශකය සියයට 1.2 කි.
දරිද්‍රතාවයෙන් පෙළෙන මෙම ජනතාව ඉලක්ක කර ගනිමින් ග්‍රාමශක්ති වැඩසටහන මෙම වසරේ දකුණු පළාත් තුළ විධිමත් සහ කාර්යක්ෂම අන්දමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා වෙන් කර ඇති සියලූ ප්‍රතිපාදන නිසි ලෙසම එම ජනතාව වෙනුවෙන් යෙදවීමේ වැදගත්කම ද පැහැදිළි කළේය.
ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මෙතෙක් දකුණු පළාත් තුළ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ මතුව ඇති ගැටළු පිළිබඳව ද මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡා බඳුන් විය.
එමෙන්ම වනසතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි, කැළි කසළ බැහැරකිරීමේ ගැටලූව ඇතුළු පළතේ ජනතාව මුහුණ දී තිඛෙන සෙසු ගැටළු පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
No comments:
Post a Comment