Loading...
හිනිදුම පොලිස් වසමේ මල්ගල්ල ප‍්‍රදේශයේ ඉඩමක ගෙපලක් අදින මුවාවෙන් නිධානයක් හාරමින් සිටියදී හිනිදුම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන පසුගිය සිකුරාදා (15* උඩුගම මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට පමුණුවා සිටි සාමනේර හිමිනමක් සහ තවත් පුද්ගලයින් තිදෙනකු ලබන 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස උඩුගම මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සංජය මෙන්ඩිස් විජේසිංහ මහතා නියෝග කළේය.
හිනිදුම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව හිනිදුම සහකාර පොලිස් අධිකාරී ගාමිණී ඉහලවෙල මහතාගේ සහ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. අජිත් කුමාර පිටිගල මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. දුනුවිල බණ්ඩාර මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් ඉකුත් 14 වැනිදා වැටලීමක් සිදුකොට මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණ. ඒ සමගම පුජාවක් සඳහා ගෙනා පුජා භාණ්ඩ සහ උපකරණ කිහිපයක් ද අත්අඩංගුවට ගෙන තිබිණ.
අත්අඩංගුවට ගැනුණු පිරිස අතර සිටි හිමිනම මල්ගල්ල ප‍්‍රදේශයේ ඉපිද පැවිද්ද ලබා කොළඹ ප‍්‍රදේශයේ පිරිවෙණක අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සාමනේර නමකි.අනික් තිදෙනාගෙන් එක් අයකු හැත්තෑ හතර හැවිරිදි අයකු වන අතර අනික් දෙදෙන 21 හැවිරිදි සහ 24 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි. යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කරන හැත්තෑ හතර හැවිරිදි පුද්ගලයා සාමනේර නමගේ පියා බවද මොවුන් ගෙපලක් අදින බව පිටට ඇඟවෙන අයුරු එම ස්ථානය හාරා ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණ.
-දිවයින පුවත්පත
No comments:
Post a Comment