Loading...
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත්තේ බදුල්ල කණුපැලැල්ල ප‍්‍රදේශයේ කුලී නිවසක තාවකාලිකව පදිංචිව සිටිමින් බයිට් වර්ග වෙළෙ`දාමේ යෙදෙන බව කියන පිළිමතලාව ගෝවින්දල ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත්දා හාලිඇල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති හාලිඇළ බෝගහමඩිත්ත ශ‍්‍රී ජේතවනාරාම විහාරාධිපති පූජ්‍ය හැතැක්මේ ධම්මානන්ද හිමියන් අදාළ සිද්ධිය වූ දින සවස 2.00 ට පමණ තමන් වහන්සේ විහාරස්ථානය සතු ත‍්‍රිරෝද රථයෙන් ප‍්‍රදේශයේ මළගෙදරකට වැඩම කළ අතර සිය බැංකු කාඞ්පත, ජාතික හැඳනුම්පත ඇතුළු වටිනා ලියකියවිලි ඇතුළත් බෑගය අදාළ ත‍්‍රිරෝද රථයේ මගී අසුනට පසුපසින් ඇති කොටසේ තිබියදී ත‍්‍රිරෝද රථ මාර්ගය අයිනේ නතර කොට එහි රියදුරුද සමඟ මළ ගෙදරට වැඩම කළ බවත් ඉන් අනතුරුව බදුල්ල නගරයටද වැඩම කොට එදින සවස ආපසු විහාරස්ථානයට පැමිණ බලන විට සිය බෑගය ත‍්‍රිරෝද රථය තුළ නොතිබුණු බවත් ස`දහන් කොට ඇත.
ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භ කළ පොලිසිය අදාළ බැංකුවෙන් එම කාඞ්පතෙහි ගණුදෙනු පිළිබඳ ලබාගත් වාර්තාවක් පරීක්ෂා කිරීමේදී සිද්ධිය වූ දින සවස 3.08 ට පමණ ඉන් රුපියල් 29,800.00 ක ගණුදෙනුවක් සිදුකර ඇති බව අනාවරණය කරගෙන ඉන් අනතුරුව හාලිඇළ නගරයේ වෙළෙඳසැල් පරීක්ෂා කිරීමේදී හාලිඇල ස.තො.ස. අලෙවිසැලෙන් එම මුදලට කිලෝග‍්‍රෑම් 25 සම්බා සහල් මිටි අටක් ලබාගෙන ඇති බවත් හාලිඇල බණ්ඩාරවෙල පාරේ වෙළෙඳසැලකට පුද්ගලයෙකු විසින් එක් කිලෝවක් රුපියල් 75.00 බැගින් සම්බා සහල් කිලෝග‍්‍රෑම් 200 ක් අලෙවි කර ඇති බවත් අනාවරණය කොටගෙන තිබේ.
ඉන් පසුව හාලිඇළ නගරයේ ආරක්ෂිත කැමරා දර්ශන ආශ‍්‍රයෙන් සැකකරු හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු තමන් මෙම සොරකම සිදුකළ බව පිළිගෙන තිබේ.
තමන් මාර්ගය අයිනේ නවතා තිබූ ත‍්‍රිරෝද රියෙහි වූ අදාළ බෑගය සොරාගෙන එහි තිබූ බැංකු කාඞ්පතෙන් මුදල් ලබාගැනීමට රහස්‍ය අංකය නොදන්නා බැවින් එහිවූ හැඳුනුම්පත හා වෙනත් ලියකියවිලි ඇසුරින් ස්වාමීන් වහන්සේගේ තොරතුරු ලබාගෙන කාඞ්පත භාවිතයෙන් ස.තො.ස. අලෙවි සැලෙන් සහල් මිලදීගෙන අදාළ වෙළඳසැළට විකුණා මුදල් ලබාගත් බවත් අනතුරුව බැංකු කාඞ්පත බදුලූඔයට විසිකොට බෑගයෙහි වූ ජාතික හැඳුනුම්පත පමණක් බෝගහමඩිත්ත ගණදෙවි කෝවිලේ පිං පෙට්ටියට දමා බෑගයද තවත් ස්ථානයකට විසිකළ බවත් සැකකරු පොලිසියට පවසා ඇත.
-දිවයින පුවත්පත
No comments:
Post a Comment