Loading...
2015 න් පසු වසර හතරක් තුළ නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා පොලී වියදම වැඩිවීමෙන් රටට රුපියල් කෝටි පහළොස් දහස් එකසීයක (රුපියල් බිලියන 151* දැවැන්ත පාඩුවක් සිදු වී ඇතැයි මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වූ අජිත් නිවාඞ් කබ්රාල් මහතා පැවැසීය.
මෙලෙස ජාත්‍යන්තර බැඳුම්කරවලට ගෙවන පොලීී වියදම් වැඩි වූයේ රජයේ අයහපත් ආර්ථික කළමනාකරණය නිසා ශ‍්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි ජාත්‍යන්තර වෙළෙඳපොළේ පැවැති විශ්වාසය පළුදුවීම හේතුවෙන් බවද මේ නිසා අපට රටක් ලෙස ගෙවීමට සිදු වූ පොලී අනුපාත ක‍්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවද හිටපු මහ බැංකු අධිපතිවරයා කීවේය.
මේ නිසා ජාත්‍යන්තර බැඳුම්කරවලට කලින් ගෙවූ පොලියට වඩා වැඩි පොලී අනුපාතයක් ශ‍්‍රී ලංකාවට නියම වී ඇති බවද රටක් ලෙස අපේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ වැටී ඇති බවද ඔහු කීවේය.
මෙලෙස දරන්නට සිදු වී ඇති රුපියල් කෝටි පහළොස් දහස් එකසියයක මුදල කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා මෙගා වොට් 900 ක නොරොච්චෝලේ තාප බලාගාරය වැනි දැවැන්ත ව්‍යාපෘති දෙක ඉදිකිරීමට ගිය වියදමට සමාන ගණනක් බවද අජිත් නිවාඞ් කබ්රාල් මහතා පැවැසීය.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සඳහා රුපියල් බිලියන 48 ක්ද, නොරොච්චෝලේ තාප බලාගාරය සඳහා රුපියල් බිලියන 103 ක් ද වැයවී ඇත.
2007 සිට 2014 දක්වා වසර හතක් තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 5500 ක ස්වෛරී බැඳුම්කර පසුගිය රජය නිකුත් කර තිබෙන බවත්, 2015 බලයට පැමිණි මේ රජය 2019 දක්වා වසර හතරක කාලය තුළදී ඇමරිකානු ඩොලර් 10,050 අගයකින් යුත් බැඳුම්කර 9 ක් දැනටමත් නිකුත් කර ඇති බවත් මෙය පසුගිය රජය අවුරුදු හයක කාලය තුළදී නිකුත් කරපු ස්වෛරී බැඳුම්කරවලට සාපේක්‍ෂව සියයට 71 කින් වැඩි අගයකින් නිකුත් කර ඇතැයි ද කීය.

අනුර බාලසූරිය, ශ්‍යාම් නුවන් ගනේවත්ත
-දිවයින පුවත්පත

No comments:
Post a Comment