Loading...
මෙම නාම පුවරුවේ දමිළ භාෂාවෙන් ”සිව නොලි පාද මලයි” හා ඉංග‍්‍රීසි භාෂාවෙන් ීඍෂ ඡු්ෘ්ශ් ලෙස සටහන් කර තිබූ වැකි දෙක මෙසේ කළු වර්ණ තීන්තවලින් මකා දමා තිබුණි.
මෙම විරෝධතාකරුවන් පිරිස මෙහිදී කියා සිටියේ, නාම පුවරුව මකා දමා ඇති පිරිසට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවය.
හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතා පොලිස් නිලධාරීන් සමග මෙම ස්ථානයට පැමිණ ශ‍්‍රීපාද වන්දනාකරුවන්ට අපහසුතාවයක් නොවන අයුරින් රැස්ව සිටි පිරිස සමග සාකච්ඡාවක් පැවැත්වූහ.
නල්ලතන්නිය ග‍්‍රාම නිලධාරී ගොඩනැගිල්ලේ රැස්වීම් ශාලාවේදී ප‍්‍රදේශයේ සිංහල, දමිළ ජනතාව, වෙළෙඳ සංගමයේ නියෝජිතයින් සහ පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡුාව පවත්වන ලදී.
සිංහල දමිළ ප‍්‍රජාව අතර මෙම සුළු සිද්ධියක් මුල් කරගෙන මතභේදකාරි තත්වයක් ඇති නොවන අයුරින් ජාතික සමගිය තවදුරටත් තහවුරු වන ආකාරයෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් ප‍්‍රශ්නය සමථයකට පත් කිරීමට හැකි වූ බව පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතා පැවසීය. මෙම නාම පුවරුවේ කළු තීන්ත ආලේප කර ඇති පුද්ගලයන් සම්බන්ධව නාම පුවරුව අසල පිහිටි සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කර තොරතුරු ගෙන නීති මගින් කටයුතු කිරීමට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට අඹගමුව ප‍්‍රාදේශිය සභාවේ සභාපති ගෝවින්දන් සෙම්බගවල්ලි, හැටන් සහකාර පොලිස් අධිකාරි අලූත්ගමගේ, නල්ලතන්නිය ග‍්‍රාම නිලධාරි කේ.ජී. ගුණතිලක යන මහත්ම මහත්මීන් හා නල්තන්නිය සංචාරක නිවාඩු නිකේතන හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහාගී වූහ.
-divaina
No comments:
Post a Comment