සී.සී.ටී.වී. කැමරා ඉවත් කරන්නැයි ආවා කල්ලියෙන් යාපනයේ නිවැසියෙකුට තර්ජනාත්මක ලිපියක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 3, 2019

සී.සී.ටී.වී. කැමරා ඉවත් කරන්නැයි ආවා කල්ලියෙන් යාපනයේ නිවැසියෙකුට තර්ජනාත්මක ලිපියක්

සී.සී.ටී.වී. කැමරා ඉවත් කරන්නැයි ආවා කල්ලියෙන් යාපනයේ නිවැසියෙකුට තර්ජනාත්මක ලිපියක්

යාපනය, කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචි සෙල්වරන්සන් නමැත්තෙකු‍ගේ නිවස වෙතට ආවා කල්ලිය විසින් තර්ජනාත්මක ලිපියක් ඊයේ (03) දින එවා ඇති බව යාපනය පොලීසිය කියා සිටියි.

අදාළ ලිපිය ආවා ප්ලස් ගෘප් නමින් හඳුන්වා ඇති අතර එහිදී පවසා ඇත්තේ නිවසේ ගෙට්ටුව අසළ ඇති සි.සි.ටි.වි කැමරා වහාම ගලවා ඉවත් කළ යුතු බවත් එලෙස නොවන්නේනම් නිවස වසා දැමීමට මෙන්ම නිවසේ වාසය කිරීමට අවස්ථාව ලබා නොදීමට කටයුතු කරන බැවින් වහාම අදාල කැමරා පද්දතිය ගලවා ඉවත් කරන ලෙසටය.

ලිපිය ලැබුනු  පුද්ගලයාගේ නිවසේ පැවති සි.සි.ටි.වි කැමරා දර්ශන මගින් ආවා කල්ලියේ ක්‍රියාකාරකමක් පසුගිය දිනක අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි විම හේතුවෙන් එම කල්ලිය විසින් මෙසේ ලිපියක් එවා ඇති බවට පොලීසිය කියා සිටියි.

කෙසේ වෙතත් අදාල ලිපිය එවූ පුද්ගලයින් පිළිබඳව මෙන්ම ලිපිය ලැබුනු පුද්ගලයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද යාපනය පොලීසිය පවසයි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad