Loading...
පුල්මුඬේ ඛනිිජ වැලි නිධියේ තිබෙන වැලිවලින් ටයිටේනියම් ඔක්සේඞ් නිෂ්පාදනය කිරීම සඳහා විදේශීය සමාගමකට පැවරීමෙන් රජයට කිසිවක් නොලැඹෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.
පුල්මුඬේ ඛනිජ වැලිවලින් අගය එකතු කිරීමේ නිෂ්පාදන කිරීම සඳහා විදෙස් සමාගම් දෙකක් මේ වන විටත් ඉදිරිපත්වී ඇති අතර තෝරා ගන්නා සමාගමට ඛණිජ වැලි නිධිය ආශ‍්‍රිතව ඉඩමක් ලබාදීමටද රජය තීරණය කර ඇත.
එම ඉඩමේ අදාළ විදේශීය සමාගම විසින් කර්මාන්ත ශාලාවක් ඉදිකළ බවද බදියුදීන් ඇමැතිවරයා සඳහන් කළේය.
ඛනිජ වැලි නිධිය මුලතිව් සිට නිලාවැලි දක්වා සැතපුම් හතළිහක ප‍්‍රදේශයක විහිදී ඇත. මෙය ඉල්මනයිට්, රූටයිල්, සර්කොන්, සිලිමනයිට්, මෙනසයිට් සහ ගානට් වැනි ඉතා වටිනා ඛනිජ සම්පත් සියයට 70 ක සිට 80 දක්වා ප‍්‍රමාණයක් අඩංගු ලොව අනගිතම ඛනිජ වැලි නිධියක් ලෙස සැලකේ.
පුල්මුඬේ ඇති යන්ත‍්‍රාගාරයෙන් මෙම ඛනිජ නිධියේ අමුද්‍රව්‍ය පිරිපහදු කර ඉල්මනයිට්, රූටයිල්, හයිටයිට්, සර්කොන් වැනි නිෂ්පාදනයන් සිදුකරයි.
රජයට වැඩි බරක් නොවී ඛනිජ වැලි අමුද්‍රව්‍ය ලෙස ආනයනය නොකර ඒ ආශ‍්‍රිත අගය එකතු කළ නිෂ්පාදන කිරීමෙන් විශාල ආදායමක් උපයා ගෙන භාණ්ඩාගාරයටද විශාල මුදලක් උපයා දීමට හැකියාව තිබියදී මෙම සමාගමේ කටයුතු පුද්ගලික අංශයට පැවරීම නොකළ යුතු බව විපක්‍ෂයේ මෙන්ම ආණ්ඩු පක්‍ෂයේද මන්ත‍්‍රීවරුන් ප‍්‍රසිද්ධියේ මෙන්ම අප‍්‍රසිද්ධියේද විරෝධය පළකරමින් සිටිති.
කෙසේ වෙතත් ඛනිජ වැලි නිධියේ අමුද්‍රව්‍ය ආශ‍්‍රයෙන් අගය එකතු කළ නිෂ්පාදන කර එම ආදායම ලබා ගැනීමට විදෙස් සමාගමකට අවසර දීම සඳහා මේ වන විටත් රජය තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේදී පසුගිය සිකුරාදා පැවැති සංවාදයකදී අනාවරණය විය.
-Divina.
No comments:
Post a Comment