"ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ රාජපක්ෂ පවුලෙන් - මේක පුදුම වහල්කමක්" - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 20, 2019

"ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ රාජපක්ෂ පවුලෙන් - මේක පුදුම වහල්කමක්"

වෙනත් රටවල නම් ජනාධිපති අපේක්ෂකයන් දේශපාලන පක්ෂ විසින් තෝරාගන්නේ සෙනෙට් සභාවෙන්, මධ්‍යම කාරක සභාවෙන් හෝ උත්තරීතර මණ්ඩලය යන දේශපාලන ආයතන තුළින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

ජනහමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කලේය.

නමුත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරනු ලබන්නේ රාජපක්ෂ පවුල විසින් බවත් මෙය දැඩි වහල්භාවයක් බවත් ඒ මහතා කියා සිටී.

තමන් නැවත කිසිදිනක රාජපක්‍ෂ පවුල් සමාගමට වැඩ නොකරන බවත් පවසන ඔහු පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට සහාය දැක්වූයේ රාජපක්ෂවරුන්ට කළ අවසාන වැඩ කිරීම වශයෙන් බවත් පවසයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්විය.

"මේ ලෝකේ ජනාධිපති අපේක්ෂකයා තෝරන ක්‍රමයක් තියෙනවා. ඇමරිකාවේ නම් රිපබ්ලිකන් පක්ෂයේ ජන්ද වලින්. වෙන රටවල පක්ෂයේ මධ්‍යම කාරක සභාව,උත්තරීතර මණ්ඩලය, සෙනෙට් සභාව. හැබැයි පොහොට්ටුවේ අපේක්ෂකයා තෝරන්නේ රාජපක්ෂ පවුල. ඔය වහල්භාවයෙන් මිදෙන්න ඕනේ. මම කෙලින්ම කියනව මම නැවත රාජපක්ෂ සමාගමට වැඩ කරන්නේ නැහැ. තාම මගේ නායකයා ජනාධිපතිතුමා. ජනාධිපතිතුමත් ගේමක් ගහමින් යනවා. බලමු කොයිපැත්තටද කියල. කුට්ටම අනනවනේ. කුට්ටම අනද්දී කොලේ ඉල්ලන්නේ නැහැනේ. කුට්ටම කපපුවාමනේ කොලේ ඉල්ලන්නේ. කුට්ටම කපනකම් ඉමු. එතකොට හරි කොලේ ඉල්ලන්නම්.""

No comments:

Post a Comment

Post Bottom Ad