Loading...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී එහි සාමාජිකයන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද කැබිනට් මණ්ඩලය රැස් වූ අතර එහිදී ජනාධිපතිවරයා විසින් මෙම දොස් පැවරීම සිදු කර ඇතැයි වාර්තා වෙයි.
රට පුරා සිදුවන විදුලිය කපා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී දැඩි දෙස විවේචනාත්මකව අදහස් දක්වා ඇති අතර ජනතාව ආණ්ඩුවට අම්මා අප්පා මතක් කරමින් කුණුහරුපෙන් බනින බවද පවසා තිබේ.
මෙහෙම ගියොත් ඉක්මනටම පෙරෙලන බව මතක තබා ගන්නැයිද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
මේ අතර පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් සකස් කිරීමට අමාත්‍ය අනුකමිටුවක් අදම පත්කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුවයි.
මහජන උපයෝගිතා කොමිසමේ ඉහල නිලධාරියෙකුටද දැඩිව දොස් පවරමින් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ඔහුව හැකි ඉක්මනින් ඉවත් කල යුතු බවත්ය.
-lankasinhalanews
No comments:
Post a Comment