තවම නඩුවක්වත් නැතිව -විරුද්ධ පක්‍ෂය අපට ගහන්න අර්ජුන් පාවිච්චි කරනවා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 22, 2019

තවම නඩුවක්වත් නැතිව -විරුද්ධ පක්‍ෂය අපට ගහන්න අර්ජුන් පාවිච්චි කරනවා

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව මේ දක්වා නඩුවක් ගොනුකර ගැනීමට නොහැකිව තිබෙන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඊයේ (21දා)පැවසීය.

 මහේන්ද්‍රන්ට විරුද්ධව නඩු පැවරීමට තරම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරුණු නොමැති බවද
හෙතෙම පවසා සිටියේය.

හිටපු අධිපතිවරයා වැරැද්දක් කළාද නැද්ද යන්න සම්බන්ධව තීරණය කළ යුත්තේ අධිකරණය විසින් බවද ඇමතිවරයා සඳහන් කළේය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මෙරට රජය සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කළේද, නැද්ද යන්න සම්බන්ධව තමන් නොදන්නා බවද ඒ මහතා ප්‍රකාශ කළේය. සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා,

 "තවම නඩුවක්වත් දාලා නැහැ. ඕක තමයි ඇත්ත කතාව, විරුද්ධ පක්‍ෂය අපට දේශපාලන වශයෙන් ගහන්න අර්ජුන්ට  මහේන්ද්‍රන් පාවිච්චි කරනවා. අපිටත් ගැහුවා. කෝප් කමිටුවේ  ඉදගෙන අපි කටයුතු කළ විදිය ගැනත් මඩ ගැහුවා. කොමිෂන් සභා වාර්තාවේ තිබනවා අපි යෙදූ පාද සටහන් හරි කියලා.

ඒක තමයි නීත්‍යනුකූලභාවය. සී.අයි.ඩී ඒකට තවම නඩුවක්වත් ගොනුකර ගන්න බැහැ. හැබැයි මිනිස්සු හොයනවා. මගේ දැනුමේ හැටියට සිංගප්පුරුව උදර්පණ නීතියට අයත් වෙනවාද කියා දන්නෑ. මීට වඩා ලංකාවේ තව නඩු 1,000ක් විතර තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් ගැන රටම කතා කළාට තවම නඩුවක්වත් ෆයිල් කරලා නැහැ. අදාළ අංශයටවත් තවම  මේක ෆයිල් කර ගන්න බැහැ. මහ බැංකුවේ වංචාවක් වෙලාද නැද්ද කියලා තීන්දු කරන්න ඕන අධිකරණය. ඒක වෙනත් අයට තීරණය කරන බැහැ" යනුවෙන් පවසා සිටියේය.


-අමිත් මධුරංග-

No comments:

Post a Comment

Post Bottom Ad