සෝමාවතිය රක්ෂිතයෙන් සුදු ගෝන පැටියෙක් හමුවෙයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 3, 2019

සෝමාවතිය රක්ෂිතයෙන් සුදු ගෝන පැටියෙක් හමුවෙයි.


ඇල්ල කන්තලේ මාර්ගයේ 9 කණුව සෝමාවතිය රක්ෂිතයේ මවගෙන් වෙන් වී අතරමං වී සිටි සුදු ගෝන
පැටියකු ඉකුත් 2 වැනිදා
සොයාගත් බව කන්තලේ වල් අලි කළමනාකරණ ඒකකය පවසයි.

සිවිල් ආරක්ෂක බළකායේ සෙබළකුගෙන් ලැබුණු තොරතුරක් මත සොයාගත් මෙම සුදු ගෝනා මසක් පමණ වයසැති පැටියෙකි.

නිරෝගී සුවෙන් පසුවන මෙම ගෝන පැටියා ගිරිතලේ වනජීවී කාර්යාලයට භාරදීමට කටයුතු කරන බව කන්තලේ වල් අලි පාලන ඒකකයේ නිලධාරි මහතෙක් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad