2019 අයවැය සම්මතයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 5, 2019

2019 අයවැය සම්මතයි

2019 අයවැය සම්මතයි

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 45කින් සම්මත වුණි.

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ සිදුවූ අතර ඡන්ද විමසීම පැවැත්වුණේ විද්‍යුත් ක්‍රමයටයි.

එහිදී අයවැයට පක්ෂව මන්ත්‍රීවරුන් 119 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරුන් 74දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ලබා දුන්නේය.

ඒ අනුව 2019 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 45කින් සම්මත වුණි.

මෙහිදී අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad