නව අගවිනිසුරු පත්වීමෙන් පසු ජනපතිට වසර 5 ක් ධුරයේ සිටිය හැකි දැයි යළිත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසනවා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 9, 2019

නව අගවිනිසුරු පත්වීමෙන් පසු ජනපතිට වසර 5 ක් ධුරයේ සිටිය හැකි දැයි යළිත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසනවා

Loading...

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට වසර 5 ක් සිය ධුරයේ කටයුතු කිරීමට හැකිද යන්න පිළිබඳව යළිත් වරක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
අලූත් අවුරුදු සමය අවසන් වීමෙන් පසුව නව අගවිනිසුරුවරයකු පත් වනු ඇතැයි ද, නව අගවිනිසුරු පත්වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ඉඩකඩ තිබෙන බවද ඊයේ (09 වැනිදා* ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම කීවේය.

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතු බවට පක්‍ෂය තුළ මෙන්ම ඇතැම් පාර්ශ්ව තුළද සාකච්ඡුාවට ලක්වෙමින් තිබෙන බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

එසේම පාර්ලිමෙන්තුවෙ ධුර කාලය  2020 මාර්තු 16 වැනිදායින් 
වසර හතර හමාරක්  වන බවද, එම නිසා බොහෝ දුරට ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට ඉඩකඩ වැඩි බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා විසින් 2018 ජනවාරි මාසයේදීද සිය ධුර කාලය පිළිබ`ද ශේ‍්‍රෂ්ඨාධිකරණයේ මතය විමසන ලදි. ඒ අනුව එවක අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු ම`ඩුල්ලක් විසින් සිය මතය ලබා දෙමින් 2018 ජනවාරි 15 දා ප‍්‍රකාශ කරන ලද්දේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් බවය.

No comments:

Post a Comment

Post Bottom Ad