"ලාල්කාන්ත විහිළුකාරයෙන්නෙ" - මහින්ද - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 9, 2019

"ලාල්කාන්ත විහිළුකාරයෙන්නෙ" - මහින්ද

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත යනු විහිළුකාරයෙකු බවත් හාස්‍යෝත්පාදනය සඳහා ඔහු විසින් යම් යම් ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පසුගියදා ලාල්කාන්ත මහතා අතින් සිදුවූ රිය අනතුරෙන් පසුව ඔහු විහිළු කියවන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ජනාධිපතිවරණ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් කෙරෙනු ඇති බවට ලාල්කාන්ත මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මහනුවරදී කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තම පවුල තුළ කිසිදු ගැටුමක් තමන් දන්නා තරමින් නම් නොමැති බව පැවසූ ඒ මහතා මාධ්‍ය නම් එක එක ගැටුම් පිළිබඳ කියන බවත් මාධ්‍යයට සැමදාම වුවමනා වූයේත් තමන්ගේ ගැටුම් බවත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad