දිවයින පුරා ක්‍රියාත්මක පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද(22) පෙ.ව 6.00 ඉවත් කළ බව මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ඊයේ(21) දින කොළඹ, මඩකලපුව දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයවලින් අනතුරුව පොලිස් ඇඳිරි නීතිය දිවයින පුරා ක්‍රියාත්මකට කිරීමට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණි.
රටේ ආරක්ෂයක තත්ත්වය පිළිබඳව ආරක්ෂුක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවති අතර එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථාන, රජයේ වැදගත් ස්ථානවල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා තිබුණි.
No comments:
Post a Comment