"රාජපක්ශ යුග‍යේ මීට වඩා දරුනු ත්‍රස්ත ක්‍රියා සිදුවුනා."-ඇමති - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 21, 2019

"රාජපක්ශ යුග‍යේ මීට වඩා දරුනු ත්‍රස්ත ක්‍රියා සිදුවුනා."-ඇමති

Loading...
දිවයින පුරා ප්‍රදේශ කිහිපයක අද සිදු වූ බෝම්බ පිපිරීම් වලින් තුවාල ලැබූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ ජාතික රෝහලට පැමිණ රෝගීන්ගේ සුවදුක් විමසමින් නිලධාරීන් සමග අවශ්‍ය සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා  මේ බව පැවසීය.

“බෝම්බ පිපිරීම්වලින් තුවාල ලැබූවන් සියලු දෙනා රෝහල්වලට රැගෙන එනු ලැබුවේ ගිලන් රථ වලින්. යුද්ධය පැවැති කාලයේ සිදු වූ බෝම්බ පිපිරීම් වලින් තුවාල ලැබූවන් රැගෙන එනු ලැබුයේ ලොරි රථ හා බස් රථ මඟින්. 

තුවාල ලැබූවන් ඇතුලත් කර ඇති සෑම රෝහලකටම අවශ්‍ය සියලුම පහසුකම් ලබාදී තිබෙනවා. ශල්‍යාගාර දැඩි සත්කාර ඒකක සහ හදිසි ප්‍රතිකාර ඒකක ක්‍රියාත්මක අතර, රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙල විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද අගය කළා. 

මෙම අවස්ථාවේ දී සාමකාමීව කටයුතු කළ යුතුයි. ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර දෙකකට මමත් ලක් වුනා.තවත් දෙයක් මතක් කරන්න ඔීන රාජපක්ශ යුග‍යේ මීට වඩා දරුනු ත්‍රස්ත ක්‍රියා සිදුවුනා.ඇතැම් විට ජාතිවාදය අවුලවන්න පුළුවන්. දේශපාලන වාසි ලබාගන්න පුළුවන්. සියලු දෙනාම ජාති ආගම් කුල බේදයෙන් තොරව කටයුතු කළ යුතුයි.

 දකුණේ මෙන්ම උතුරේ ත්‍රස්තවාදයට මම විරුද්ධයි. එය පරාජය කළ යුතුයි. ජනතාව සාමකාමීව සිටින්න. ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය සේවා අවශ්‍ය පියවර ගන්නා අතර, ඔවුන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ජනතාව උදවු කළ යුතුයි. කට කතා වලට රැවටෙන්න එපා. මීට පෙර ද කටකතා පැතුරුනා.

No comments:

Post a Comment

Post Bottom Ad