කුඩාවැල්ල ධීවර වරායේ හතරක් ඝාතනය කරෙ - මධුශ්,කංජිපානි ඉම්රාන් සියල්ල වමාරයි,පොහොට්‍ටු මන්ත්‍රීට එරෙහිව කළ කුමන්ත්‍රණය අතේ මාට්‍ටු - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 15, 2019

කුඩාවැල්ල ධීවර වරායේ හතරක් ඝාතනය කරෙ - මධුශ්,කංජිපානි ඉම්රාන් සියල්ල වමාරයි,පොහොට්‍ටු මන්ත්‍රීට එරෙහිව කළ කුමන්ත්‍රණය අතේ මාට්‍ටු

Loading...
තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේදී වෙඩි තැබීමක් සිදුකර පුද්ගලයන් 4 දෙනෙකු ඝාතනය කර තවත් දස දෙනෙකු පමණ තුවාල කිරීම පසුපස සිටින මහ මොළකරු වන්නේ මාකඳුරේ මධුෂ් බව හෙළි වී තිබේ.
ඊට හේතු වී ඇත්තේ මාකඳුරේ මධුෂ්ගේ ළඟම ගෝලයෙකු වූ හර්ෂ යසස් ශ්‍රී යන අය ඝාතනය කළ පිරිස අනතුරුව සැඟවී සිට ඇත්තේ එකී කුඩා වැල්ල වරායේදී ඝාතනය වූ අයෙක් වන කලනබංදු යන අයගේ ‍රැකවරණය යටතේ වීමයි.
මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි සාදයේ සිට හසු වී ශ්‍රී ලංකාවට පි‍ටුවහල් කිරීමෙන් අනතුරුව පසුගිය දා පොලිස් අත් අඩංගුවට පත් වූ කංජිපානි ඉම්රාන් විසින් මේ බව හෙළි කර ඇති අතර 09 වන බදාදා දින දිනමිණ මාංචු අතිරේකයෙන් මෙම තොරතුරු අනාවරණය කර ඇත.
ආණ්ඩුවේ බලවතකුගේ කීම මත එම කුඩාවැල්ල ඝාතනය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු හසුකිරීමට කුමන්ත්‍රණය කළ බව එම මන්ත‍්‍රීවරයා පසුගියදා මාද්‍ය අමතමින් කියා සිටියේය.
කෙසේ වෙතත් ලේක්හවුස් පත්තරයකින්ම කළ මෙම හෙළිදරව්වෙන් ඔහුගේ නිර්දෝශීභාවය පැහැදිළි වී තිබේ.
– සරත් පෙරේරා

No comments:

Post a Comment

Post Bottom Ad